ආසාදන
ශ්වසන පද්ධතියේ රෝග කිහිපයක් වෛරස හෝ බැක්ටීරියා නිසා ඇති වේ.
සෙම්ප්‍රතිශ්‍යාව
වෛරසයක් නිසා ඇතිවන රෝගයකි. හිසරදය, කිවිසුම් යාම, සොටු දියර ගැලීම, කැස්ස වැනි රෝග ලක්ෂණ දැකිය හැකි ය. වෛරස් ආසාදනයක් නිසා මෙම රෝගයට ඖෂධීය ප්‍රතිකාර නොමැත.
නිව්මෝනියාව
පෙනහැලිවලට බැක්ටීරියා, වෛරස් වැනි විෂබීජ ඇතුළු වීමෙන් නිව්මෝනියාව සෑදේ. පෙනහැලි තුළ දියර එකතු වීමට ද ඉඩ ඇත. කල් ගත වූ සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස ප්‍රධාන හේතුව වේ.
බ්‍රොන්කයිටිස්
වෛරස හෝ බැක්ටීරියා ආසාදනයකින් ශ්වාසනාලිකා ඉදිමීම නිසා ඇති වේ. අධික කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීම මෙහි ලක්ෂණයි.
ක්ෂය රෝගය
බැක්ටීරියාවක් නිසා ඇති වන බෝවන රෝගයකි. පෙනහැලි පටක ක්ෂය වන්නට පටන් ගනී. කැස්ස සමග රුධිරය පිටවීම, උණ, අධික වෙහෙස, කෑම අරුචිය හා ශරීරය ක්ෂය වීම ලක්ෂණ වේ. ප්‍රතිශක්තිකරණ එන්නත් මගින් වළක්වා ගත හැකි අතර නිසි ප්‍රතිකාරයෙන් සුව කළ හැකි ය.