Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග 2 වන පිටුව (3)

ඇදුම හා දූවිලි ආශ්‍රිත රෝග

සමහර පෙනහැලි රෝග විෂබීජ නිසා නොව ආශ්වාස කරන අංශු නිසා ඇති වේ.

ඇදුම

ඇදුම යනු අසාත්මිකතාවකි. වාතයේ පවතින දූවිලි, පරාග, ලී කුඩු, සත්ත්ව ලොම්, දුම් වැනි කුඩා අංශුවලට ශ්වසන පද්ධතිය දක්වන අසාත්මිකතාව නිසා ශ්වාසනාලිකා ඇතුළතින් ඉදිමී හරස්කඩ කුඩා වීම නිසා ආශ්වාස කිරීමේ අපහසුතාව ඇතිවේ. ආශ්වාසයේ දී සිහින් හඬක් නිකුත් වේ.

සිලිකෝසිස්

ග්‍රැනයිට්, ගල් අඟුරු, පතල් වැලි, වීදුරු වැනි කර්මාන්තවල යෙදෙන්නන් සිලිකා සංයෝග අඩංගු දූවිලිවලට නිරාවරණය වේ. එම අංශු ගර්ත තුළ එකතු වී ක්‍රමයෙන් පෙනහැලි පටක විනාශ වී යයි.

ඇස්බැස්ටෝසිස්

ඇස්බැස්ටෝස් අංශු සහ කෙඳිති සහිත දූවිලි ආශ්වාස කිරීමෙන් මෙම රෝගය සෑදේ. මෙම අංශු ශ්වසන මාර්ගයේ එක්රැස් වීමෙන් පටක ශීඝ්‍රයෙන් විනාශ වී යයි.