Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග 3 වන පිටුව (3)

දුම්පානය

දුම්බීම හේතුවෙන් පෙනහැලි පිළිකා, බ්‍රොන්කයිටිස් ආදී රෝග වැළඳෙන අතර එමගින් නොයෙක් රෝග හා ආබාධ සෑදීමේ ප්‍රවණතාව ද මරණය ද ඇති විය හැකි ය.

කාබන් මොනොක්සයිඩ්

සිගරට් දුමෙහි අඩංගු කාබන් මොනොක්සයිඩ් වායුව රුධිරයට උරාගනී. එය හිමොග්ලොබින් සමඟ වේගයෙන් බැඳෙන අතර ඔක්සිජන් සම්බන්ධ වීමට ඇති ඉඩ අඩු කරයි.

නිකොටින්

නිකොටින් මගින් තාවකාලිකව හෘද ස්පන්දන වේගය හා රුධිර පීඩනය වැඩි කරයි.

විනාශ වූ පක්ෂ්ම

සිගරට් දුම හේතුවෙන් පක්ෂ්ම විනාශ වීම නිසා ශ්ලේෂ්මල හා දූවිලි ශ්වසන මාර්ගයේ එකතු වී ශ්වාසනාල ඉදිමීම හා බ්‍රොන්කයිටිස් ඇති විය හැකි ය.

පිළිකා

ශ්වාසනාල අපිච්ඡදය සිගරට් දුමට නිරාවරණය වීමෙන් අසාමාන්‍ය ලෙස සෛල වර්ධනය වී පිළිකා තර්ජන ඇති විය හැකි ය.

දුම් නොබොන්නන්ට ද

දුම් නොබොන්නන් හට ද සිගරට් දුම ආඝ්‍රාණය වීමෙන් ඉහත කී තත්ත්ව ඇති විය හැකි ය.