පරිච්ඡේදයේ සාරාංශය
සමස්ත පරිච්ඡේදය එක් ලැයිස්තුවක සහ එක් ප්‍රස්තාරයක.
- මාධ්‍යයක් හරහා හෝ අවකාශයේ ගමන් කරන කැළඹීමක් තරංගයක් ලෙස හඳුන්වනු ලැබේ.
- තරංග චලිතය සඳහා ද්‍රව්‍යමය මාධ්‍යයක් අවශ්‍ය තරංග, යාන්ත්‍රික තරංග ලෙස හඳුන්වනු ලැබේ.
- මාධ්‍ය අංශු චලනය වන දිශාවට ලම්බක අතට ප්‍රචාරණය වන තරංග, තීර්යක් තරංග ලෙස හඳුන්වනු ලැබේ.
- මාධ්‍ය අංශු චලනය වන දිශාවට සමාන්තරව ප්‍රචාරණය වන තරංග අන්වායාම තරංග ලෙස හඳුන්වනු ලැබේ.
| x (m) | 1 | 3 | 5 | 7 | 9 |
|---|---|---|---|---|---|
| y (cm) | 2 | -2 | 2 | -2 | 2 |
විස්තාරය යනු අක්ෂයට ඉහළින් ශීර්ෂයක උස යි; තරංග ආයාමය යනු එක් ශීර්ෂයක සිට ඊළඟ ශීර්ෂයට ඇති දුර යි.
- එක් අංශුවක් විසින් සම්පූර්ණ දෝලනයක් සිදු කිරීම සඳහා ගත කරන කාලය ආවර්ත කාලය ලෙස හඳුන්වනු ලැබේ.
- එක් අංශුවක් ඒකක කාලයක දී සිදු කරන දෝලන සංඛ්‍යාව සංඛ්‍යාතය ලෙස හඳුන්වනු ලැබේ.
- විද්‍යුත් චුම්බක තරංග ප්‍රචාරණය සඳහා ද්‍රව්‍යමය මාධ්‍යයක් අවශ්‍ය නොවේ.
- ධ්වනි තරංග අන්වායාම තරංග වර්ගයකි. ධ්වනිය සම්ප්‍රේෂණය වීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය වේ.
- තාරතාව, හඬේ සැර සහ ධ්වනි ගුණය යනු ධ්වනියේ ප්‍රධාන ලක්ෂණ තුනකි. ධ්වනි තරංගයක සංඛ්‍යාතය මත තාරතාව ද, විස්තාරය මත හඬේ සැර ද, තරංග හැඩය මත ධ්වනි ගුණය ද රඳා පවතියි.
- සමාකාර කම්පනවලින් මිහිරි හඬ ද විෂමාකාර කම්පනවලින් ඝෝෂා ද ඇති වේ.
- තත් භාණ්ඩවල ඇදි තත් කම්පනය වීමෙන් ද ශුෂිර භාණ්ඩවල වාත කඳක් කම්පනය වීමෙන් ද සමඝාත භාණ්ඩවල ඇදී ඇති පටල, දඬු හෝ තහඩු කම්පනය වීමෙන් ද ධ්වනිය උපදවනු ලැබේ.
- සංඛ්‍යාතය 20 Hz ට වඩා අඩු ධ්වනි අධෝධ්වනි (infrasound) නම් වන අතර 20 000 Hz ට වඩා වැඩි ධ්වනි අතිධ්වනි (ultrasound) නම් වේ.
- එක් එක් සත්ත්වයාට ඇසෙන ධ්වනි තරංගවල සංඛ්‍යාත පරාසය එම සත්ත්වයාගේ ශ්‍රව්‍යතා සීමාව වශයෙන් හඳුන්වනු ලැබේ.