පරිච්ඡේදයේ සාරාංශය
මුළු පරිච්ඡේදය ම එක් ලැයිස්තුවකින්.
- සෑම රසායනික විපර්යාසයක් ම සිදු වන විට තාප ශක්ති විපර්යාසයක් ද සිදු වේ.
- තාපය පිටකරමින් සිදු වන ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා යනුවෙන් හැඳින්වේ.
- තාපය අවශෝෂණය කරමින් සිදු වන ප්‍රතික්‍රියා තාපාවශෝෂක ප්‍රතික්‍රියා යනුවෙන් හැඳින්වේ.
- කිසියම් ප්‍රතික්‍රියාවක දී පිට වන හෝ අවශෝෂණය වන තාප ප්‍රමාණය Q = m c θ සමීකරණය යෙදීමෙන් ගණනය කළ හැකි ය.