Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස

පරිච්ඡේදය එකට ගැළපීම 2 වන පිටුව (3)

අභ්‍යාසය

පරිච්ඡේදයේ අභ්‍යාසයට පිළිතුරු.

1 ප්‍රශ්නය

තාපදායක ද, තාපාවශෝෂක ද?

  1. තාපදායක ප්‍රතික්‍රියාවක් හා තාපාවශෝෂක ප්‍රතික්‍රියාවක් යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක් ද?
  2. පහත දැක්වෙන ප්‍රතික්‍රියා තාපදායක වේ ද? නැතහොත් තාප අවශෝෂක වේද? ඉටිපන්දමක දහනය; සෝඩියම් කැබැල්ලක් ජලයට දැමීම; යූරියා පොහොර ජලයේ දිය කිරීම; ග්ලූකෝස් ජලයට එකතු කිරීම; පිළිස්සූ හුනුවලට ජලය එකතු කිරීම.

පිළිතුර

  1. තාපදායක ප්‍රතික්‍රියාවක් තාපය පිට කරයි; තාපාවශෝෂක ප්‍රතික්‍රියාවක් තාපය අවශෝෂණය කරයි.
  2. දහනය: තාපදායක. සෝඩියම් ජලයට: තාපදායක. යූරියා දිය වීම: තාපාවශෝෂක — ජලය සිසිල් වේ. ග්ලූකෝස් ජලයට: තාපාවශෝෂක. පිළිස්සූ හුනුවලට ජලය: තාපදායක.

1 (iii) — ශක්ති මට්ටම් සටහනක්

පහත ප්‍රතික්‍රියාව සිදු වීමේ දී 822 kJ mol-1ක තාප ප්‍රමාණයක් මුක්ත වේ. මෙය ශක්ති මට්ටම් සටහනක් මගින් නිරූපණය කරන්න.

2Na (s) + Cl2 (g) → 2NaCl (s)

පිළිතුර

ඉහළින් සෝඩියම් හා ක්ලෝරීන්, 822 kJ mol-1 කින් පහළින් සෝඩියම් ක්ලෝරයිඩ්, ඊතලය පහළට.

2 ප්‍රශ්නය

විනාකිරි (තනුක ඇසිටික් අම්ලය) ද්‍රාවණයක 40 cm3ක් ඉතා තනුක හුනු දියර (කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්) ද්‍රාවණයක 60 cm3ක් සමඟ මිශ්‍ර කරන ලදී. එවිට මිශ්‍රණයේ උෂ්ණත්වය 10 °Cකින් වැඩි වූ බව පෙනුණි.

විනාකිරි හා හුනු දියර

  1. ඉහත ප්‍රතික්‍රියාවේ දී සිදු වූ තාප විපර්යාසය ගණනය කරන්න. ජලයේ ඝනත්වය = 1000 kg m-3, ජලයේ විශිෂ්ට තාප ධාරිතාව = 4200 J kg-1 °C-1.
  2. ඉහත (i) හිදී ඔබ යොදා ගත් උපකල්පන මොනවා ද? මෙම ප්‍රතික්‍රියාව තාපදායක ද නැතහොත් තාපාවශෝෂක ද?

පිළිතුර

  1. පරිමාව = 40 + 60 = 100 cm3 = 1 × 10-4 m3; එබැවින් m = 1000 × 10-4 = 0.1 kg. Q = 0.1 × 4200 × 10 = 4200 J.
  2. මිශ්‍රණයේ ඝනත්වය හා විශිෂ්ට තාප ධාරිතාව ජලයේ අගයන්ට සමාන බවත්, තාපය කිසිවක් හානි නොවී සියල්ල මිශ්‍රණයට ලැබුණු බවත්. උෂ්ණත්වය ඉහළ ගිය බැවින් ප්‍රතික්‍රියාව තාපදායක ය — එය උදාසීනීකරණයකි.