තාරතාව
සමහර සංගීත භාණ්ඩවල හඬ උච්ච වේ. වයලීනයෙන් නිකුත් වන නාදය මෘදු ය. අකුණු ගැසීමක් නිසා ඇසෙන ගිගුරුම් හඬ සැර ය. ශබ්ද එකිනෙකින් වෙනස්ව හඳුනා ගැනීමට ඉවහල් වන ලක්ෂණ ධ්වනි ලාක්ෂණික වේ: තාරතාව, හඬේ සැර සහ ධ්වනි ගුණය.
4.4 ක්‍රියාකාරකම
- කියත් තලයක් ගෙන එහි එක් කෙළවරක් 10 cm පමණ ඉදිරියට නෙරා සිටින පරිදි එය ලී කැට දෙකකට මැදිකොට කලම්ප කරන්න.
- කියත් තලය කම්පනය කර එහි කම්පන වේගයක් නිකුත් වන ශබ්දයට ඇහුම්කන් දෙන්න.
- කියත් තලය ලී කැටයෙන් ඉදිරියට තිබෙන ප්‍රමාණය 5 cm බැගින් වැඩි කරමින් ඉහත පියවර සිදු කර නිකුත් වන ශබ්දයට ඇහුම්කන් දෙන්න.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
කියත් තලයේ දිග වැඩිවිට කම්පන සංඛ්‍යාතය අඩු වන බවත් දිග අඩු වන විට සංඛ්‍යාතය වැඩි වන බවත් නිරීක්ෂණය කළ හැකි ය. එවිට නිකුත්වන ශබ්දයේ තියුණු බව ක්‍රමයෙන් අඩු වේ.
තාරතාව
තාරතාව යනු ධ්වනි තරංගයේ සංඛ්‍යාතය මත රඳා පවතින කණට දැනෙන සංවේදනය යි.
කම්පනය වන වස්තුවක කම්පන සංඛ්‍යාතය වැඩිවත් ම වස්තුවෙන් නිකුත් වන ස්වරයේ තාරතාව ඉහළ නගින අතර කම්පන සංඛ්‍යාතය අඩුවත් ම ස්වරයේ තාරතාව පහත වැටේ. සංගීත ස්වර අතුරින්, මධ්‍ය ‘ස’ ස්වරයේ සංඛ්‍යාතය 256 Hz වේ. උච්ච ‘ස’ ස්වරයේ සංඛ්‍යාතය 512 Hz වේ. මේ අනුව උච්ච ‘ස’ ස්වරයේ තාරතාව මධ්‍ය ‘ස’ ස්වරයේ තාරතාව මෙන් දෙගුණයකි.
ශබ්දයක් දැකීම
කැතෝඩ කිරණ දෝලනේක්ෂයකට මයික්‍රොෆෝනයක් සම්බන්ධ කර සරසුලක් මගින් ශබ්දයක් නිකුත් කිරීමට සැලැස්වූ විට, තිරය මත වායු අණු කම්පනය වන ආකාරය කාලයට එරෙහිව අඳින ලද ප්‍රස්තාරයක් ලෙස ලැබේ. එම ප්‍රස්තාරයේ හැඩය එම ධ්වනි තරංගයේ තරංග ආකාරය නමින් හැඳින්වේ.
රූපයක් එක් කළ යුතුය
රූපයක් එක් කළ යුතුය