Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.3.3. ධ්වනි ලාක්ෂණික 2 වන පිටුව (3)

හඬේ සැර

බෙරයකට සෙමින් තට්ටු කරන්න. ඉන්පසු වැඩි බලයක් යොදා තට්ටු කරන්න. පළමු අවස්ථාවේ හඬ “හෙමින්” ඇසෙන අතර දෙවන අවස්ථාවේ හඬ “හයියෙන්” ඇසෙයි. මෙම වෙනස හඬේ සැර යි.

හඬේ සැර

හඬේ සැර යනු ධ්වනි තරංගය රැගෙන යන ශක්තිය අනුව කණට දැනෙන සංවේදනය යි.

හඬේ සැර හා විස්තාරය

ඇදි තන්තුවක් පෙළීමේ දී එය නිශ්චලතා පිහිටීමෙන් ඈතට විස්ථාපනය වූ ප්‍රමාණයට ඉන් නිකුත් වන ස්වරයේ සැර ද වැඩි වේ. තන්තුව වඩා ඈතට පෙළීමට විශාල කාර්යය ප්‍රමාණයක් කළ යුතු ය. එවිට තන්තුව ද වඩා විශාල ශක්ති ප්‍රමාණයක් ධ්වනි තරංගයට ප්‍රදානය කරයි. එනම් කම්පනය විශාල විස්තාරයකින් යුක්ත වේ; කම්පනයෙන් උපදින ධ්වනි තරංගය ද විශාල විස්තාරයකින් යුක්ත වේ.

කම්පන විස්තාරය වැඩි වන විට හඬේ සැර වැඩි වේ. කම්පන විස්තාරය අඩු වන විට හඬේ සැර අඩු වේ.

රූපයක් එක් කළ යුතුය

4.31 රූපය — එකම සංඛ්‍යාතයේ දෝලනේක්ෂ තිර දෙකක්: උස තරංග සහිත හඬ වැඩි ස්වරය සහ කෙටි තරංග සහිත මෘදු ස්වරය.