ධ්වනි ගුණය
පියානෝවක්, වයලීනයක් වැනි එකිනෙකට වෙනස් සංගීත භාණ්ඩ දෙකක් එක ම තාරතාවෙන් සහ එක ම හඬේ සැරෙන් යුතුව වාදනය කළ විට කණට ඒවා වෙන වෙනම හඳුනාගත හැකි ය. එසේ හඳුනා ගැනීමට කණට දැනෙන සංවේදනය ධ්වනි ගුණය යි.
රූපයක් එක් කළ යුතුය
සරසුලකින් ද, වයලීනයකින් ද, පියානෝවකින් ද නංවන ලද එක ම තාරතාවකින් යුක්ත එක ම ස්වරයක තරංග රටා කැතෝඩ කිරණ දෝලනේක්ෂය මගින් පිරික්සූ විට, එම තරංගවලට එක ම සංඛ්‍යාතයක් තිබුණ ද තරංග ආකාරවල හැඩය වෙනස් බව පැහැදිලි වේ.
රූපයක් එක් කළ යුතුය
ධ්වනි ගුණය
ධ්වනි ගුණය යනු යම් ශබ්දයක තරංග ආකාරයේ හැඩය අනුව කණට දැනෙන සංවේදනය යි.
තාරතාව
සංඛ්‍යාතය මත රඳා පවතී
හඬේ සැර
විස්තාරය මත රඳා පවතී
ධ්වනි ගුණය
තරංග ආකාරයේ හැඩය මත රඳා පවතී