ශ්‍රව්‍යතා සීමාව
පරිසරයේ ඇති සියලු ශබ්ද අපට ඇසෙන්නේ නැත. අපට නො ඇසෙන සමහර ශබ්ද වෙනත් සතුන්ට ඇසේ.
ශ්‍රව්‍යතා සීමාව
එක් එක් සත්ත්වයාට ඇසෙන ධ්වනි තරංගවල සංඛ්‍යාත පරාසය එම සත්ත්වයාගේ ශ්‍රව්‍යතා සීමාව යි. මිනිසුන්ට ඇසෙන සංඛ්‍යාත පරාසය සාමාන්‍යයෙන් 20 Hz සිට 20 000 Hz ලෙස සැලකේ.
කෙනෙකුගේ වයස වැඩි වන විට ඇසෙන ඉහළ සංඛ්‍යාත සීමාව ක්‍රමයෙන් අඩු වේ.
අධෝධ්වනි
20 Hz ට වඩා අඩු ධ්වනි — අපට ඇසීමට නොහැකි තරම් පහත් ය.
අතිධ්වනි
20 000 Hz ට වඩා වැඩි ධ්වනි — අපට ඇසීමට නොහැකි තරම් ඉහළ ය.