සතුන් හා අතිධ්වනි
බොහෝ සතුන් අපගේ ශ්‍රව්‍යතා සීමාවෙන් පිටත ශබ්ද අසයි, භාවිත කරයි.
අලියා
විශාල කන් ඇති අලින් වැනි සතුන්ට ඉතා අඩු සංඛ්‍යාත සහිත ශබ්ද — 20 Hz ට අඩු අධෝධ්වනි — ඇසේ.
හාවා, ඩොල්ෆින්, වවුලා
මෙම සතුන්ට 20 000 Hz ට වැඩි අතිධ්වනි තරංග ඇසේ.
බල්ලා
බල්ලන්ට සංඛ්‍යාතය 40 000 Hz දක්වා පමණ වන අතිධ්වනි තරංග ඇසේ.
වවුලා ප්‍රතිරාවයෙන් මග සොයයි
වවුලා රාත්‍රී කාලයේ දී බාධක මඟහරවා ගෙන පියාසර කරන්නේ අතිධ්වනි තරංග ආධාරයෙනි. වවුලා පියාසර කරන අතර ම අතිධ්වනි තරංග නිකුත් කරයි. ඉදිරියේ ඇති බාධකවල වැදී පරාවර්තනය වීම නිසා ආපසු එන එම තරංග ප්‍රතිග්‍රහණය කිරීමෙන් එම බාධකවල පිහිටීම නිශ්චය කර ගැනීමට හැකි වේ.
රූපයක් එක් කළ යුතුය
ඩොල්ෆින් මත්ස්‍යයෝ, ගොදුරු සඳහා කුඩා මත්ස්‍යයින් සොයා ගැනීමට මෙන් ම ඔවුනට පහර දෙන මෝරුන් හඳුනා ගැනීමට ද අතිධ්වනි තරංග යොදා ගනිති. තව ද ඩොල්ෆින් මත්ස්‍යයෝ එකිනෙකා අතර සන්නිවේදනයට ද අතිධ්වනි තරංග යොදා ගැනීම කරති.
රූපයක් එක් කළ යුතුය