Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.3.4. ශ්‍රව්‍යතා සීමාව හා අතිධ්වනි 3 වන පිටුව (4)

ධ්වනියෙන් මුහුදේ ගැඹුර මැනීම

නැව් මුහුදේ ගැඹුර අතිධ්වනි තරංග මගින් මනින්නේ සෝනාර් (SONAR - Sound Navigation And Ranging) නම් උපකරණයක් භාවිතයෙනි.

නැවෙහි පත්ලේ සවි කර ඇති උපකරණයක් මගින් මුහුදු පත්ලට අතිධ්වනි තරංග ස්පන්දයන් යැවේ. මේවා මුහුදු පත්ලේ වැදී පරාවර්තනය වී ආපසු පැමිණි විට ඒ සඳහා ගත වූ කාලය මැනෙන අතර එමගින් මුහුදේ ගැඹුර සොයා ගැනේ.

රූපයක් එක් කළ යුතුය

4.36 රූපය — නැවක සම්ප්‍රේෂකයකින් ජලය හරහා පහළට අතිධ්වනි ස්පන්දන යැවීම සහ මුහුදු පත්ලෙන් පරාවර්තනය වූ ස්පන්දන අනාවරකයකින් ලබා ගැනීම.

නිදසුන 1

ගැටලුව

නැවක සිට මුහුදු පත්ලට යවන ලද අතිධ්වනි තරංග සම්ප්‍රේෂණය හා පරාවර්තනය වී අනාවරණය අතර කාල පරතරය 4 s නම්, නැවේ සිට මුහුදු පත්ලට ඇති දුර සොයන්න (ජලය තුළ ශබ්දයේ වේගය 1440 m s-1 ලෙස ගන්න).

විසඳුම

තත්පර 4කදී ධ්වනිය ගමන් කළ දුර = 1440 × 4 m

එය පහළට ගොස් ආපසු පැමිණි දුර බැවින් ගැඹුර එයින් අඩකි

නැවේ සිට මුහුදු පත්ලට ඇති දුර = (1440 × 4) ÷ 2

= 2880 m

අඩකින් බෙදීමට අමතක නොකරන්න

ස්පන්දය මුහුදු පත්ලට ගොස් ආපසු එන නිසා මනින කාලය ගැඹුර මෙන් දෙගුණයක දුරකට අදාළ ය. 2න් බෙදීමට අමතක වුවහොත් පිළිතුර දෙගුණ වේ.

මුහුදේ ගැඹුර මැනීමට අමතරව මත්ස්‍ය රැන් ගවේෂණය කිරීම සඳහාත් මුහුදුබත් වූ නැව්වල සුන්බුන් අනාවරණය කර ගැනීමටත් අතිධ්වනි තරංග යොදාගනු ලැබේ.