වෛද්‍ය හා කර්මාන්ත ක්ෂේත්‍රයේ අතිධ්වනි
අතිධ්වනි තරංග මගින් ශරීරය කපා විවෘත නොකර ඇතුළත බැලීමට — සහ ඇතුළත ඇති ගල් පවා පුපුරුවා හැරීමට — වෛද්‍යවරුන්ට හැකි වේ.
අතිධ්වනි පරිලෝකනය
රෝගියකුගේ පපුව මත තැබූ අතිධ්වනි සම්ප්‍රේෂකයක් මගින් යැවෙන අතිධ්වනි තරංග හෘදයේ අභ්‍යන්තර බිත්තිවලින් පරාවර්තනය වී ආපසු ලැබේ. එම පරාවර්තනය වූ තරංග මගින් හෘදයේ එක් සංකෝචනයක දී පිටකරන රුධිර පරිමාව, හෘදයේ ප්‍රමාණය, හෘද ස්පන්ද අගය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ය.
ගර්භය පරීක්ෂා කිරීම
අතිධ්වනි තරංග මගින් ගර්භනී මවකගේ ගර්භාෂය සහ ගර්භාෂය තුළ සිටින දරුවාගේ තත්ත්වය නිරීක්ෂණය කළ හැකි ය.
මුත්‍රා ගල් පුපුරුවා හැරීම
අතිධ්වනි තරංග මුත්‍රා ගල් (කැල්සියම් ඔක්සලේට් ස්ඵටික) මතට යැවීමෙන් ඒවා කම්පනය කොට පුපුරුවා හැරේ. මෙම ශිල්පීය ක්‍රමය ලිතෝට්‍රිප්සි නමින් හඳුන්වයි.
සැඟවුණු දෝෂ සෙවීම
උච්ච සංඛ්‍යාත අතිධ්වනි තරංග ඝන ද්‍රව්‍ය තුළින් ගමන් කිරීමෙන් පසු වාතය තුළට ඇතුළු නො වේ. මෙම ගුණය ගුවන් යානා කොටස් ආදී ඝන කොටස්වල තිබිය හැකි අනතුරුදායක හිස් අවකාශ හා පිපිරුම් අනාවරණය කර ගැනීමට යොදා ගැනේ.
රූපයක් එක් කළ යුතුය
රූපයක් එක් කළ යුතුය
අන්ධ පුද්ගලයන් සඳහා භාවිත වන අතිධ්වනික උපැස් සඳහා ද අතිධ්වනි තරංග යොදාගනු ලැබේ.
අතිධ්වනියෙන් පෑස්සීම
ලෝහ කොටස් පෑස්සීම සඳහා ද අතිධ්වනි තරංග භාවිත කරනු ලැබේ. පෑස්සිය යුතු ලෝහ හොඳින් ස්පර්ශ වන සේ තබා අතිධ්වනි තරංග වැදීමට සලස්වනු ලැබේ. එමගින් ඇති වන කම්පනය හේතුවෙන් ලෝහ තහඩු දෙක එකට ඇතිල්ලීමෙන් විශාල තාප ප්‍රමාණයක් ජනනය වී ස්පර්ශ වූ ස්ථානවලදී ඒවා ද්‍රව වී එකට පෑස්සෙයි.