මිහිරි හඬ හා ඝෝෂාව
ඇතැම් ධ්වනි සංවේදනය කනට මිහිරි ය. ඇතැම් ධ්වනි සංවේදනය කනට අමිහිරි ය. එම වෙනස දෝලනේක්ෂයක් මත පැහැදිලිව පෙනේ.
සරසුලක් ද, වයලීනයක් ද, පියානෝවක් ද වාදනය කළ විට නිකුත් වන ධ්වනි තරංගවල තරංග ආකාරය (4.33 රූපය) එකිනෙකට වෙනස් වුවත් සමාකාර රටාවලින් යුක්ත වේ.
රූපයක් එක් කළ යුතුය
මිහිරි හඬ
සමාකාර කම්පනවලින් පුනරාවර්තන රටාවක් සහිත, කනට මිහිරි තරංග ආකාරයක් ඇති වේ.
ඝෝෂාව
විෂමාකාර කම්පනවලින් කිසිදු සමාකාර බවක් නැති තරංග ආකාරයක් ඇති වේ.
සංගීත භාණ්ඩය
වාදනය කිරීමෙන් කනට මිහිරි ස්වර ඇති කරන භාණ්ඩ සංගීත භාණ්ඩ වේ. සංගීත භාණ්ඩ නිපදවා ඇත්තේ ඒවා වාදනය කළ විට සමාකාර ලෙස කම්පනය වන පරිද්දෙනි.