අධිධාරා පරිපථ බිඳිනය හා විදුලි මීටරය
අධිධාරා පරිපථ බිඳිනය
නිවසට සැපයෙන විදුලිය පළමුව සජීවී රැහැනට සවිකොට ඇති අධිධාරා පරිපථ බිඳිනය හරහා යයි. මෙය 40 A පමණ උපරිම ධාරාවකට ගලා යා හැකි ලෙස සකස් කොට ඇත. 40 A වලට වඩා විශාල ධාරාවක් ගලා ගිය විට පරිපථ බිඳිනය මගින් ධාරාව විසන්ධි කරයි. මෙහි ලීවරය ඉහළට දැමීම මගින් නැවතත් විදුලිය සංධි කළ හැකි ය. පැරණි ගෘහ විද්‍යුත් පරිපථවල මේ වෙනුවට සේවා විලායකයක් භාවිත කරනු ලැබී ය. මෙහි ඇති ඊයම් සහ ටින් මිශ්‍ර ලෝහයකින් තනා ඇති සිහින් කම්බිය නියමිත ධාරාවට වඩා වැඩි ධාරාවක් ගලා යන විට රත් වී විලයනය වී පරිපථයට විදුලිය ලැබීම නවතී.
අධිධාරා පරිපථ බිඳිනය මගින් හෝ සේවා විලායකය මගින් හෝ විසන්ධි වනුයේ සජීවී රැහැන පමණි.
විදුලි මීටරය
නිවසට සැපයෙන විදුලිය, පරිභෝජන ප්‍රමාණයට අනුව පාරිභෝගිකයාගෙන් මුදල් අය කරනු ලැබේ. භාවිත වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය (kWh) වලින් මීටරයේ සටහන් වේ. අධිධාරා පරිපථ බිඳිනය හෝ සේවා විලායකය හරහා පැමිණෙන සජීවී රැහැනත්, උදාසීන රැහැනත් මීළඟට සම්බන්ධ වනුයේ විදුලි මීටරයට යි. මීටරයෙන් පිටතට පැමිණෙන සජීවී රැහැන හා උදාසීන රැහැන ඊළඟට සම්බන්ධ කර ඇත්තේ වෙන්කරණයට ය.
රූපයක් එක් කළ යුතුය
ඒවා සේවා දායකයාට අයත් ය
අධිධාරා පරිපථ බිඳිනය සහ විදුලි මීටරය සේවා දායකයාට (විදුලිබල මණ්ඩලයට හෝ විදුලිබල සමාගමට) අයත් දේපළක් වන අතර ඒවා සම්බන්ධ ගැටලුවක දී සේවා දායකයාට දැනුම් දී ගැටලුව විසඳා ගත යුතු ය.