Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

ගෘහ විද්‍යුත් පරිපථයක උපාංග 2 වන පිටුව (5)

වෙන්කරණය

ගෘහ විද්‍යුත් පරිපථයේ, වෙන්කරණයේ සිට ඉදිරියට ඇති සියලු උපකරණ පාරිභෝගිකයා සතු ඒවා වේ.

වෙන්කරණය

විදුලි මීටරයෙන් පසුව සජීවී රැහැන සහ උදාසීන රැහැන වෙන්කරණයක් (Isolator) හරහා ගමන් කරයි. වෙන්කරණය 30 A අධිධාරා පරිපථ බිඳිනයක් ලෙස ද ක්‍රියා කරන අතර අවශ්‍ය ඕනෑම අවස්ථාවක මෙහි ඇති ද්විධ්‍රැව ස්විච්ච ලීවරය පහළට දැමීම මගින් නිවසේ විදුලි පරිපථ සජීවී (L) සහ උදාසීන (N) රැහැන් සමග ඇති සම්බන්ධතා කපා හරියි. නිවස තුළ යම් අලුත්වැඩියා කටයුත්තක් සඳහා විදුලිය විසන්ධි කිරීම මෙම වෙන්කරණය මගින් කළ හැකි ය. ගිනි ගැනීමක් වැනි හදිසි උවදුරක දී විදුලිය විසන්ධි කරනු ලබන්නේ වෙන්කරණය මගිනි.

පැරණි ගෘහ විදුලි පරිපථවල මේ වෙනුවට 30 A විලායකයක් හා ද්විධ්‍රැව ස්විච්චයකින් සැදුම් ලත් ප්‍රධාන ස්විච්චයක් (main switch) භාවිත කරනු ලැබී ය.

රූපයක් එක් කළ යුතුය

10.7 රූපය — (a) වෙන්කරණයක බාහිර පෙනුම; (b) ප්‍රධාන ස්විච්චයක පරිපථ සටහන.