Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

ගෘහ විද්‍යුත් පරිපථයක උපාංග 3 වන පිටුව (5)

ශේෂ ධාරා පරිපථ බිඳිනය

ශේෂ ධාරා පරිපථ බිඳිනය (RCCB)

වෙන්කරණයෙන් පසු සජීවී සහ උදාසීන රැහැන් ශේෂ ධාරා පරිපථ බිඳිනයකට (RCCB) හෙවත් පැන්නුම් ස්විච්චයට (trip switch) සම්බන්ධ කරනු ලැබේ. ශේෂ ධාරා පරිපථ බිඳිනයක් සවි කිරීමේ අරමුණ වන්නේ නිවසේ සිටින පුද්ගලයන් විදුලි සැර වැදීමකින් ආරක්ෂා කරගැනීම ය. විදුලි උවාරණයක බාහිර ලෝහ ආවරණයකට හෝ පොළොවට විදුලි කාන්දුවීමක් හෝ අධික ධාරාවක් ගැලීමක් ඇති වන අවස්ථාවල දී ශේෂ ධාරා පරිපථ බිඳිනය මගින් ස්වයංක්‍රීයව පරිපථය විසන්ධි කරනු ලැබේ. මෙය ද ද්වි ධ්‍රැව ස්විච්චයකි.

රූපයක් එක් කළ යුතුය

10.8 රූපය — (a) ශේෂ ධාරා පරිපථ බිඳිනයක බාහිර පෙනුම; (b) දළ පරිපථ සටහන.

සාමාන්‍ය ස්විච්චයක ලීවරය පහතට කළ විට සංවෘත (ON) වන අතර ඉහත සඳහන් ස්විච්චයේ ස්විච්ච ලීවරය ඉහළට කළ විට සංවෘත වේ.

එක් රැහැනක් සජීවී වන්නේ ඇයි

නිවසට සැපයෙන විදුලි රැහැන් දෙකෙන් එකක් නිවසට විදුලිය බෙදාහරින අවකර පරිණාමකය අසළ දී හොඳින් භූගත කරනු ලැබේ. එවිට අනෙක් රැහැන සහ පොළොව අතර 230 V විභව අන්තරයක් ඇති වේ. දැන් පොළොව මත සිටින්නකු භූගත නොකළ රැහැන ස්පර්ශ කළහොත් ඔහුගේ ශරීරය හරහා 230 V විභව අන්තරයක් හට ගන්නා හෙයින් ඔහුට විදුලි සැර වැදෙයි. ශරීරය හරහා 50 mA ධාරාවක් ගලා යාම ප්‍රබල විදුලි සැර වැදීමක් වන අතර 100 mA ධාරාවක් ගලා යාම මරණය කැඳවන විදුලි සැර වැදීමක් වේ.

ශේෂ ධාරා පරිපථ බිඳිනය විද්‍යුත් චුම්බක ප්‍රේරණය මගින් ක්‍රියා කරන අතර 35 mA පමණ ධාරාවක් පොළොවට කාන්දු වූ විට RCCB ක්‍රියාත්මක වී නිවසේ විදුලිය කපා හැරේ. මෙයට අමතරව 30 A පමණ ධාරාවක් නිවෙස තුළට ගලා ගිය හොත් ශේෂ ධාරා පරිපථ බිඳිනය මගින් නිවසේ විදුලිය විසන්ධි වේ. අකුණක් ඇතිවීමේ දී RCCB මගින් විදුලිය කපා හැරීම සමහර විට සිදු වන නමුදු එමගින් අකුණු ආරක්ෂාවක් සහතික නොකෙරේ.