විබෙදුම් පෙට්ටිය, MCB හා විලායක
විබෙදුම් පෙට්ටිය
නිවසේ පරිභෝජනය සඳහා විදුලිය බෙදා හැරෙන්නේ විබෙදුම් පෙට්ටිය මගිනි. එමගින් බෙදාහරින විදුලිය ආලෝක පරිපථ සහ කෙවෙනි පරිපථවලට සැපයේ. ආලෝක පරිපථයකට ලබා ගත හැකි උපරිම ධාරාව 6 Aට සීමාකොට ඇත. මුළුතැන්ගෙය වැනි විදුලි තාපක, විදුලි පෝරණු ආදි අධික ශක්තිය ලබාගන්නා උපකරණ ඇති පරිපථ කෙවෙනි පරිපථවලට සම්බන්ධ කෙරේ. මෙයින් 13 A පමණ ධාරාවක් පරිභෝජනය සඳහා පහසුකම් සැපයේ.
රූපයක් එක් කළ යුතුය
සිඟිති පරිපථ බිඳින (MCB)
විබෙදුම් පෙට්ටිය තුළ එක් එක් පරිපථයට විදුලිය සපයන සිඟිති පරිපථ බිඳින සවිකොට ඇත. සිඟිති පරිපථ බිඳින මගින් එහි දැක්වෙන නියමිත ධාරාවට වඩා වැඩි ධාරාවක් පරිපථයේ ගලා ගිය විට ස්විච්ච ලීවරය පහතට වැටී ස්වයංක්‍රීයව පරිපථය විසන්ධි කරයි. මේ නිසා මුළු නිවසේම විදුලි විසන්ධිවීමක් සිදු නොවන අතර අදාළ පරිපථයේ පමණක් විදුලි සැපයුම නැති වේ. ආලෝක පරිපථයක 6 A ගෙන යා හැකි MCB භාවිත කරනු ලැබේ. කෙවෙනි පරිපථවල 13 A ගෙන යා හැකි MCB භාවිත කරනු ලැබේ. පුද්ගලයකුට විදුලි සැර වැදීමක දී MCB ක්‍රියාත්මක නොවන හෙයින් ඉන් ආරක්ෂාවක් නොලැබේ.
පැරණි ගෘහ විද්‍යුත් පරිපථවල MCB වෙනුවට විලායක භාවිත කරනු ලැබී ය. ආලෝක පරිපථයක 6 A MCB වෙනුවට 5 A විලායක ද 13 A MCB වෙනුවට 15 A විලායක ද භාවිත විය. විලායක දැවී ගිය විට එහි මැටි අල්ලුව ගලවා අලුත් විලායක කම්බියක් යෙදිය යුතු වීම කරදරකාරී කටයුත්තක් හෙයින් දැන් විලායක භාවිතය ඉවත් වෙමින් පවතී. සෑම විටම MCB හෝ විලායක හෝ යෙදිය යුත්තේ සජීවී (L) රැහැනටයි.
පාරිභෝගික ඒකකය
නව ගෘහ විද්‍යුත් පරිපථවල වෙන්කරණය, ශේෂධාරා පරිපථ බිඳිනය හා විබෙදුම් පෙට්ටිය එකම ආවරණයක් තුළ සවි කොට ඇත. මෙය පාරිභෝගික ඒකකය ලෙස හඳුන්වනු ලැබේ.
රූපයක් එක් කළ යුතුය