Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

ගෘහ විද්‍යුත් පරිපථයක උපාංග 5 වන පිටුව (5)

ස්විච්ච, කෙවෙනි, පේනු හා රැහැන්

ස්විච්ච

බල්බවලට විදුලිය සැපයීම නවතාලීමට භාවිත කරන ස්විච්චයන් වේ. මේවා තනි ස්විච්ච ලෙස හෝ ස්විච්ච කිහිපයක් එකම ඇසුරුමක සිටින සේ සකසා ඇත. සෑම බල්බයක් ම තනි තනිව දැල්විය හැකි පරිදි ස්විච්ච පරිපථයට සම්බන්ධ කෙරේ.

කෙවෙනි

මේවාට සජීවී රැහැන (L), උදාසීන රැහැන (N) සහ නිවසේ වෙනම භූගත කොට ඇති භූගත රැහැනක් (E) සම්බන්ධ වේ.

තුන්කූරු පේනු

තුන්කූරු පේනුවක ප්‍රමාණයෙන් විශාල අග්‍රය උපකරණයේ බාහිර ලෝහ ආවරණයට සම්බන්ධ වන අතර කෙවෙනියට සම්බන්ධ කළ විට එය නිවසේ භූගත කම්බියට සම්බන්ධ වේ. විදුලි කාන්දු වීමක දී පැන්නුම් ස්විච්චයේ ක්‍රියාකාරීත්වයට මෙම සම්බන්ධතාව තිබීම අනිවාර්ය වේ.

දෙකූරු පේනු

විදුලිය කාන්දු නොවන ප්ලාස්ටික්වලින් බාහිරව ආවරණය කොට ඇති උපකරණවලට දෙකූරු පේනු භාවිත වේ. මේවා භූගත රැහැනට සම්බන්ධ වීමක් නැත.

රූපයක් එක් කළ යුතුය

10.12–10.14 රූප — ස්විච්ච, ස්විච්චය සහිත කෙවෙනිය, දෙකූරු හා තුන්කූරු පේනු.

සම්බන්ධක රැහැන්

පරිපථය රැහැන
5 A හෝ 6 A ආලෝක පරිපථ 1 mm2 හරස්කඩ වර්ගඵලය ඇති (විෂ්කම්භය 1.13 mm) තනි කම්බියකින් යුත් රැහැනක්
15 A හෝ 13 A කෙවෙනි පරිපථ 1.5 mm2 සඵල හරස්කඩ වර්ගඵලයක් ඇති කම්බි 7කින් යුත් රැහැනක්
රැහැන වර්ණය පැරණි වර්ණය
සජීවී දුඹුරු රතු
උදාසීන නිල් කළු
භූගත කොළ —