ගෘහ විද්‍යුත් පරිපථ සම්බන්ධය
ගෘහ විද්‍යුත් පරිපථයේ ඇති සෑම බල්බයක් හා කෙවෙනියක් ම සමාන්තරගතව සම්බන්ධ කරනු ලැබේ.
ස්විච්ච සජීවී රැහැනට
සෑමවිට ම ස්විච්ච සවි විය යුත්තේ සජීවී රැහැනට යි. මේ නිසා ස්විච්චය විවෘත (OFF) කර ඇති විට බල්බ පරිපථය ස්පර්ශ කිරීමෙන් විදුලි සැර වැදීමක් ඇති නොවේ.
කෙවෙනි පරිපථ 13 Aට ඔරොත්තු දෙන රැහැන්වලින් නිර්මාණය කරනු ලැබේ. මෙහි කෙවෙනි පමණක් සවි කරන අතර සාමාන්‍ය නිවෙස්වල මුළුතැන්ගෙය මෙලෙස නිර්මාණය කෙරේ.
වලය පරිපථය
සමහර අවස්ථාවල දී කෙවෙනි පරිපථ, වලය පරිපථය ලෙස සම්බන්ධ කෙරේ. මෙම ක්‍රමයේ දී සෑම කෙවෙනියකට ම මාර්ග දෙකකින් රැහැන් දෙකක් හරහා ධාරාව ගලන නිසා අඩු විෂ්කම්භයකින් යුතු රැහැන් භාවිත කළ හැකි වේ.
රූපයක් එක් කළ යුතුය