Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

පරිපථ සම්බන්ධය හා ආරක්ෂාව 2 වන පිටුව (3)

ආරක්ෂක උපාංග

මූලික වශයෙන් ගෘහ විද්‍යුත් පරිපථයක ආරක්ෂක පූර්වෝපාය දෙකක් පවතී. මේවා නම් ශේෂ ධාරා පරිපථ බිඳිනය හා MCB හෝ විලායකය යි.

RCCB (පැන්නුම් ස්විච්චය)

කෙනෙකුට විදුලි සැර වැදීමක දී හෝ උපකරණවල විදුලිය කාන්දුවීමක දී විදුලිය කපා හැරෙයි.

මුළු නිවසෙහි ම විදුලිය විසන්ධි වේ.

මුළු නිවසට ම ලබා ගන්නා ධාරාව 30 A වලට වඩා වැඩි වූ විට ද විදුලිය කපාහැරේ; ප්‍රධාන රැහැන් රත්වීම නිසා ඇති වන ගිනි ගැනීම් වැළකේ.

MCB හෝ විලායකය

එම පරිපථය තුළ අධිධාරා ගැලීම වැළැක්වෙන අතර ඒ නිසා ඇති විය හැකි ගිනි ගැනීම් ද වැළකේ.

විදුලි කාන්දු වීමකින් හෝ විදුලි සැර වැදීමකින් ආරක්ෂාවක් නොලැබේ.

විදුලිය විසන්ධි වූ විට

  1. පළමුව අධිධාරා පරිපථ බිඳිනය විවෘත (OFF) කරන්න.
  2. ශේෂ ධාරා පරිපථ බිඳිනය හෝ අදාළ MCB හි ලීවරය ඉහළට දමා (ON) කරන්න.
  3. නැවත අධිධාරා පරිපථ බිඳිනය සංවෘත (ON) කරන්න.
  4. එවිට ද විදුලි සැපයුම කපාහැරේ නම් විදුලි කාර්මිකයකු ලවා වරද නිවැරදි කරගන්න.