Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.4.2. අවතල කාච 2 වන පිටුව (2)

අවතල කාචවලින් සෑදෙන ප්‍රතිබිම්බ

අවතල කාචවලින් තාත්ත්වික ප්‍රතිබිම්බ නො සෑදේ. එය තුළින් බැලූ විට වස්තු කුඩා වී පෙනේ.

5.7 ක්‍රියාකාරකම

අවශ්‍ය ද්‍රව්‍ය: අවතල කාචයක්, සුදු තිරයක්, ඉටිපන්දමක්

  • අවතල කාචයක් ඉදිරියේ දීප්ත වස්තුවක් (උදා : දැල්වූ ඉටිපන්දමක්) තබා ගන්න.
  • කාචයෙන් විරුද්ධ පැත්තේ තිරයක් තබා කාචය සීරුමාරු කර තිරය මත ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට හැකි දැයි බලන්න.

නිරීක්ෂණය

අවතල කාචවලින් ප්‍රතිබිම්බ ලබා ගැනීම සඳහා කළ යුත්තේ අවතල කාචය තුළින් එම වස්තුව දෙස බැලීම යි. එවිට වස්තුව කුඩා වී පෙනෙයි. මෙය අතාත්ත්වික ප්‍රතිබිම්බයකි. අවතල කාචයක් ඉදිරියේ වස්තුවක් කවර දුරකින් තබා තිබුණ ද, කාචය තුළින් දැකගත හැක්කේ කුඩා උඩුකුරු අතාත්ත්වික ප්‍රතිබිම්බයක් පමණි.

අවතල කාචයක් ඉදිරියේ වස්තුවක්; අක්ෂයට සමාන්තර කිරණය ආසන්න නාභියේ සිට එන්නාක් මෙන් විහිදේ, O හරහා යන කිරණය කෙළින් ම යයි; ආපසු දික් කළ විට ඒවා F හා කාචය අතර කුඩා උඩුකුරු ප්‍රතිබිම්බයක දී හමු වේ.

5.45 රූපය ඇසුරින්.

උත්තල දර්පණය

කුඩා, උඩුකුරු, අතාත්ත්වික ප්‍රතිබිම්බයක් — සැම විට ම.

අවතල කාචය

කුඩා, උඩුකුරු, අතාත්ත්වික ප්‍රතිබිම්බයක් — සැම විට ම.

අපසාරී ප්‍රකාශ උපාංග දෙක එක සමාන ලෙස හැසිරේ.