විශාලක කාචය
උත්තල කාචයක් ඉදිරියෙන් කාචයේ නාභීය දුරට වඩා අඩු දුරකින් වස්තුවක් තබා කාචය තුළින් බලන විට වස්තුව විශාල වී පෙනේ. එය විශාලක කාචයකි.
5.46 රූපය ඇසුරින්.
විශාලක කාචය (සරල අන්වීක්ෂය)
මිටකට සවිකර ගන්නා ලද උත්තල කාචයක් අත් කාචයක් හෙවත් විශාලක කාචයක් ලෙස හැඳින්වේ. එය සරල අන්වීක්ෂයක් ලෙස ද හැඳින්වේ.
කුඩා සතුන්, මල්වල කොටස් ආදිය විශාල කර බැලීම සඳහා විශාලක කාච භාවිත වේ.
නාභීය දුරට ඇතුළතින්
මෙලෙස විශාල කරන්නේ වස්තුව නාභීය දුරට ඇතුළතින් ඇති විට පමණි. කාචය ඈතට ගෙන ගිය විට ප්‍රතිබිම්බය උඩු යටිකුරු වේ — එය පෙර පිටුවල තාත්ත්වික ප්‍රතිබිම්බය යි.