කැමරා හා අන්වීක්ෂ
තවත් උපකරණ දෙකක් උත්තල කාචය ප්‍රයෝජනයට ගනී.
කැමරාව
කැමරාවල උත්තල කාච භාවිතයෙන් ඡායාරූප පටලය මතට තාත්ත්වික ප්‍රතිබිම්බ ලබා ගනී. උත්තල කාචය සීරු මාරු කිරීමේ දී ඡායාරූප පටලය හා උත්තල කාචය අතර දුර වෙනස් වේ. එමගින් විවිධ දුරවල්වල ඇති වස්තූන්හි පැහැදිලි ප්‍රතිබිම්බයක් ඡායාරූප පටලය මතට නාභි ගත කළ හැකි ය.
සංයුක්ත අන්වීක්ෂය
පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර වස්තූන් විශාල කර බැලීම සඳහා සංයුක්ත අන්වීක්ෂය යොදා ගනී. එහි අවනෙත හා උපනෙත නමින් හැඳින්වෙන කාච දෙකක් භාවිත වේ. මෙම කාච සංයුක්තය මගින් ඉතා වැඩි විශාලනයක් ලබාගත හැකි ය.
රූපයක් එක් කළ යුතුය