තාප සංක්‍රාමණයේ ක්‍රම තුන
උණුසුම් තේ කෝප්පයකට දැමූ ලෝහ හැන්දක කෙළවර අල්ලා ගෙන සිටින විට එය ක්‍රමයෙන් රත්වන බව දැනෙයි. එමෙන්ම ගිනිමැලයකට ඉහළින් අත ඇල්ලූ විට අත උණුසුම් වේ. මේ අන්දමට තාපය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීම තාප සංක්‍රාමණය (heat transfer) ලෙස හැඳින්වේ.
රූපයක් එක් කළ යුතුය
තාප සංක්‍රාමණය සිදුවන්නේ ඉහළ උෂ්ණත්වය සහිත ස්ථානයක සිට පහළ උෂ්ණත්වය සහිත ස්ථානයකටයි. යම් වස්තුවක පවතින තාප ශක්තිය ලෙස හැඳින්වෙන ශක්තිය සත්‍ය වශයෙන්ම පවතින්නේ වස්තුව සෑදී ඇති අංශුවල අහඹු චලිතය නිසා ඇති වන චාලක ශක්තිය ලෙස ය. මෙම චාලක ශක්තිය, අංශුවල උත්තාරණ, භ්‍රමණ හෝ කම්පන චාලක ශක්තිය විය හැකි ය.
සන්නයනය
පදාර්ථයක් තුළින් අංශුවෙන් අංශුවට.
සංවහනය
රත් වූ ද්‍රව හෝ වායු ඉහළ නැගීමෙන්.
විකිරණය
පදාර්ථයක් අවශ්‍ය නොවී විද්‍යුත් චුම්බක තරංග ලෙස.