Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.5. තාප සංක්‍රාමණය හා සන්නයනය 2 වන පිටුව (3)

සුසන්නායක හා කුසන්නායක

සන්නයනය

සන්නයනය යනු පරමාණු සහ ඉලෙක්ට්‍රෝනවල චාලක ශක්තිය, අසළ ඇති අංශු සමඟ ඇති වන ගැටුම් නිසා ක්‍රමයෙන් ද්‍රව්‍යය පුරා පැතිරී යෑමයි. ඝන ද්‍රව්‍ය තුළින් තාපය සංක්‍රමණය වන ප්‍රධානතම ක්‍රමය සන්නයනය යි. ගිනි දැල්ලකට ඇල්ලූ ලෝහ කූරක් දිගේ ද, ළිප මත තැබූ බඳුනක පතුලේ පිට පැත්තේ සිට ඇතුළු පැත්තට ද තාපය ගලන්නේ සන්නයනයෙනි.

තාප සුසන්නායක

තාපය හොඳින් සන්නයනය කරයි: රිදී, තඹ, යකඩ, රසදිය, ඇලුමිනියම්.

ලෝහවල පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන, ලෝහ සුසන්නායක වීමට හේතුව වේ.

තාප කුසන්නායක

තාපය හොඳින් සන්නයනය නොකරයි: ලී, ප්ලාස්ටික්, ඇස්බැස්ටෝස්, මැටි, ලෝම.

ද්‍රව සහ වායු දුර්වල සන්නායක වේ; ජලය ඉතා දුර්වල සන්නායකයකි.

රොබින් කුරුල්ලා

රොබින් කුරුල්ලා පිහාටු පුම්බා ගනිමින් පිහාටු සහ ශරීරය අතර වාත ස්තරයක් රඳවා ගනියි. වාතය ඉතා දුර්වල තාප සන්නායකයක් බැවින්, ශීත කාලයේ දී පවා ඌට ශරීරය උණුසුම්ව පවත්වා ගැනීමට හැකිවේ.

සීල් මත්ස්‍යයා

සීල් මත්ස්‍යයා මුළු ජීවිත කාලය ම ගෙවන්නේ සීතල ජලය තුළ ය. එම නිසා සන්නයනය මගින් ශරීරයේ නිපදවෙන තාපය පිටතට යෑම වැළැක්වීම සඳහා ඔවුන්ගේ ශරීරය වටා ඉතා ඝන මේද තට්ටුවක් පිහිටා ඇත.

රූපයක් එක් කළ යුතුය

9.26 හා 9.27 රූප — හිමෙහි රොබින් කුරුල්ලෙක් සහ අයිස් මත සීල් මත්ස්‍යයෙක්.