Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.5. තාප සංක්‍රාමණය හා සන්නයනය 3 වන පිටුව (3)

දණ්ඩක් දිගේ තාප සන්නයනය

ලෝහ දණ්ඩ A කෙළවරින් ගිනි දැල්ලකට අල්ලා රත් කරන්නේ යැයි සිතමු.

රූපයක් එක් කළ යුතුය

9.28 රූපය — එක් කෙළවරකින් රත් කරන ලෝහ දණ්ඩක් දිගේ A සිට B දක්වා තාපය ගලා යෑම: කම්පනය වන පරමාණු හා චලනය වන මුක්ත ඉලෙක්ට්‍රෝන.
  1. ගිනි දැල්ලෙන් ලැබෙන තාප ශක්තිය හේතුවෙන් එම කෙළවරේ ඇති පරමාණු වැඩි විස්තාරයකින් යුතුව කම්පනය වීමට පටන් ගනී. ඊට අමතරව එම කෙළවරේ අහඹු ලෙස චලනය වෙමින් පවතින මුක්ත ඉලෙක්ට්‍රෝනවල චාලක ශක්තිය ද වැඩි වේ.
  2. කම්පන විස්තාරය වැඩි වීම හේතුවෙන් එම පරමාණු යාබද ඇති පරමාණු සමඟ ගැටෙයි. මෙම ගැටුම් නිසා එක් පරමාණුවකින් අනෙක් පරමාණුවට ශක්තිය හුවමාරු වේ.
  3. මෙම ක්‍රියාවලිය දණ්ඩ දිගේ A සිට B දක්වා පිළිවෙළින් සිදුවෙමින් දණ්ඩ දිගේ තාප ශක්තිය ගමන් කරයි.
  4. අහඹු ලෙස චලනය වන ඉලෙක්ට්‍රෝනවල චලිතය මගින් ද දැල්ලෙන් සැපයෙන තාප ශක්තිය දණ්ඩ දිගේ ගෙන යනු ලැබෙයි.