සංවහන ධාරා
ජලය සහිත බීකරයක පතුලට කොන්ඩිස් කැට කිහිපයක් දමා බීකරය රත්කළහොත් දම් පැහැය පතුලේ සිට ඉහළට යමින් බීකරය පුරා පැතිරී යයි.
රූපයක් එක් කළ යුතුය
බීකරයේ පතුලේ ඇති ජලය රත්වන විට එම ජලයේ අංශු ඝනත්වය අඩු වී ඉහළට ගමන් කරයි. එවිට රත් කරන ස්ථානයට දුරින් ඇති සීතල ජල අංශු බීකරයේ පතුළ දෙසට ගමන් කර රත් වී නැවත ඉහළ නගියි.
සංවහනය
මෙලෙස ද්‍රව හෝ වායුවලට තාපය සපයන විට ඒවා ප්‍රසාරණය වීම නිසා ඝනත්වය අඩු වී ඉහළට ගමන් කරන අතර එම අඩුව පිරවීමට උෂ්ණත්වය අඩු ද්‍රව හෝ වායු හෝ පහළට ගමන් කරයි. මෙම ක්‍රියාවලිය නිසා තාපය සැපයීම සිදු වන ප්‍රදේශයේ සිට තාපය ඉහළට සංක්‍රාමණය වේ. මෙය සංවහනය නමින් හැඳින්වේ. රත් වී ඉහළ යන අංශු ධාරා සංවහන ධාරා ලෙස හැඳින්වේ.
ගසක් යට ගිනිමැලයක් ඇති විට ගසේ ඉහළ කොළ අතු සෙලවීමත් එම කොළ අතු පිලිස්සීමත් සිදු වන්නේ දැල්ල අවට වාතය අංශු රත් වී ඉහළ යෑම හේතු කොටගෙන ය.