ගිල්ලුම් තාපකය
ජලය රත් කිරීමට ගිල්ලුම් තාපකයක් (immersion heater) යොදා ගත හැකි ය — නමුත් එය බඳුනේ පිහිටන ස්ථානය වැදගත් වේ.
රූපයක් එක් කළ යුතුය
ඉහළින් තාපකය
බඳුනේ ඉහළ කොටසේ ජලය රත් වීම ඉක්මනින් සිදු වෙයි. නමුත් පහළ කොටසේ ජලය රත් වීම සෙමෙන් සිදු වෙයි.
සංවහන ධාරා පහළට නොයෑම නිසා බඳුනේ ජලය සම්පූර්ණයෙන් රත් වීමට දිගු කාලයක් ගත වෙයි.
පතුලේ තාපකය
රත් වූ ජලය ඉහළට ද, ඝනත්වයෙන් වැඩි සිසිල් ජලය පහළට ද ගමන් කරයි.
සංවහන ධාරා දිගටම ගමන් කරන නිසා බඳුනේ ජලය කෙටි කාලයක දී සම්පූර්ණයෙන් රත් වෙයි.