Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

සංවහනය 3 වන පිටුව (3)

මුහුදු සුළං සහ ගොඩ සුළං

මුහුදු ජලයේ විශිෂ්ට තාප ධාරිතාවට වඩා ගොඩබිම පොළොවේ විශිෂ්ට තාප ධාරිතාව අඩුය. එබැවින් එය ඉක්මනින් රත් වී ඉක්මනින් සිසිල් වේ.

මුහුදු සුළඟ — දහවල්

සූර්ය තාපයෙන් මුහුදු ජලයට වඩා ඉක්මනින් ගොඩබිම රත් වෙයි.

ගොඩබිම ආසන්නයේ ඇති වාතය රත් වී ඝනත්වය අඩු වී ඉහළට යයි. මේ නිසා ගොඩබිම ආසන්නයේ පීඩනය අඩු වේ.

මුහුදේ සිට ගොඩබිම දෙසට වායු ප්‍රවාහයක් ඇදී එයි.

ගොඩ සුළඟ — රාත්‍රී

මුහුදු ජලය සෙමෙන් සිසිල් වන අතර ගොඩබිම ඉක්මනින් සිසිල් වෙයි.

මුහුදු ජලය ආසන්නයේ ඇති වාතය උණුසුම් ව පවතින බැවින් ඉහළට යයි.

මුහුද ආසන්නයේ ඇති අඩු පීඩනය පිරවීමට ගොඩබිම දෙසින් මුහුද දෙසට සුළං ඇති වෙයි.

රූපයක් එක් කළ යුතුය

9.32 හා 9.33 රූප — දහවල් මුහුදේ සිට ගොඩබිම දෙසට ද, රාත්‍රී ගොඩබිමේ සිට මුහුද දෙසට ද හමන සිසිල් වාතය.

සිතන්න...

රත් වූ තේ කෝප්පයක් පිඹීමෙන් සිසිල් වන්නේ කෙසේ ද?