Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

තාප විකිරණය 1 වන පිටුව (3)

තාප විකිරණය

ගිනිමැලයක් අසළට ගමන් කරන විට උණුසුමක් දැනෙන්නේ සන්නයනය හෝ සංවහනය මගින් සිදු වන තාප සංක්‍රාමණය නිසා නොවන බව ඔබට අවබෝධ කරගන්නට හැකි ය. එසේ නම් මෙහි දී තාපය ගමන් කර ඇත්තේ වෙනත් ක්‍රමයකින් විය යුතු ය.

රූපයක් එක් කළ යුතුය

9.34 රූපය — ගින්නකින් එන කිරණවලින් උණුසුම් වන අත්.

තාප විකිරණය

රත් වූ වස්තුවක සිට, පදාර්ථය මැදිහත් වීමකින් තොරව (අංශුවල සහභාගිත්වයකින් තොරව) විද්‍යුත් චුම්බක තරංග (අධෝරක්ත විකිරණ) ලෙසින් තාපය ගමන් කිරීම තාප විකිරණය (heat radiation) ලෙස හැඳින්වේ. විකිරණයේ දී තාප සංක්‍රාමණයට මාධ්‍යයක් අවශ්‍ය නොවේ. සන්නයනය සහ සංවහනය සඳහා අංශු අත්‍යවශ්‍ය වේ.

සූර්යයාගේ සිට පොළවට කිලෝමීටර මිලියන 150 ක් පමණ වූ රික්ත අවකාශය තුළින් තාපය පැමිණෙන්නේ විකිරණය මගින් ය. ඕනෑම රත් වූ වස්තුවකින් විකිරණය මගින් තාපය පිට වේ.