Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

තාප විකිරණය 2 වන පිටුව (3)

විකිරණ තාපය අවශෝෂණය සහ පරාවර්තනය

විකිරණ තාපය වස්තුවක් මතට පතනය වූ විට ඉන් කොටසක් අවශෝෂණය වන අතර කොටසක් පරාවර්තනය වෙයි. පෘෂ්ඨයේ රළු හෝ ඔප දැමූ බව සහ පෘෂ්ඨයේ වර්ණය, විකිරණ තාපය අවශෝෂණය වන ප්‍රමාණයත් පරාවර්තනය වන ප්‍රමාණයත් කෙරෙහි බලපාන සාධක වේ.

හොඳ අවශෝෂක

අඳුරු පෘෂ්ඨ මගින් සහ රළු පෘෂ්ඨ මගින් විකිරණ තාපය අවශෝෂණය කිරීම වැඩිය.

කළු පෘෂ්ඨ මගින් විකිරණ තාපය ඉතා වැඩියෙන් අවශෝෂණය වන අතර පරාවර්තනය වන්නේ ඉතා අඩුවෙනි.

හොඳ පරාවර්තක

දිලිසෙන පෘෂ්ඨ මගින් සහ සුදු පැහැති පෘෂ්ඨ මගින් විකිරණ තාපය පරාවර්තනය කිරීම ඉතා වැඩිය.

9.2 පැවරුම

විකිරණ තාපය අවශෝෂණය වඩාත් හොඳින් සිදුවන්නේ කළු පාට පෘෂ්ඨවලින් ද, සුදු පාට පෘෂ්ඨවලින් ද, දිලිසෙන පෘෂ්ඨවලින් ද යන්න සොයා බැලීමට පරීක්ෂණයක් සැලසුම් කරන්න. ලැබෙන නිරීක්ෂණ පදනම් කරගනිමින් එළැඹිය හැකි නිගමන ලියන්න.