තාප විකිරණය වැදගත් වන අවස්ථා
තාප විකිරණය වැදගත් වන අවස්ථා.
සුදු ඇඳුම් ඇඳි ක්‍රිකට් ක්‍රීඩකයන්
දහවල් කාලයේ ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයන් සූර්යාලෝකය තිබිය දී සුදු පාට ඇඳුම් ඇන්ද විට විකිරණ තාපයෙන් වැඩි කොටසක් එයින් පරාවර්තනය වේ. එම නිසා ශරීරය උණුසුම් වීම පාලනය වේ.
ශීත රටවල අඳුරු ඇඳුම්
ශීත රටවල මිනිසුන් අඳුරු පැහැති ඇඳුම් ඇඳීමෙන් විකිරණ තාපය අවශෝෂණය වැඩි වෙයි. එම නිසා ශරීර උණුසුම පවත්වා ගැනීම පහසු වේ.
කළු පිසින බඳුන්
ළිප මත තබන ආහාර පිසින බඳුන් කළු පැහැති වීමෙන් විකිරණ තාපය වැඩිපුර අවශෝෂණය කිරීමෙන් බඳුන් ඉක්මනින් රත් වේ.
උණු වතුර බෝතලය
උණු වතුර බෝතලයක ඇතුළත පෘෂ්ඨය දිලිසෙන ලෙස සකස් කර ඇත. බෝතලය තුළින් පිටතට හෝ පිටතින් බෝතලය තුළට හෝ එන තාප විකිරණ මෙම රිදී ආලේපන පෘෂ්ඨ මගින් පරාවර්තනය කෙරෙයි.