Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.4.1. උත්තල කාච 1 වන පිටුව (4)

ප්‍රධාන අක්ෂය හා ප්‍රකාශ කේන්ද්‍රය

උත්තල කාචයක පෘෂ්ඨ දෙක මනඃකල්පිත ගෝල දෙකක පෘෂ්ඨ ලෙස සැලකිය හැකි ය.

රූපයක් එක් කළ යුතුය

5.33 රූපය — C1 හා C2 කේන්ද්‍ර සහිත, එකිනෙක අතිච්ඡාදනය වන කඩ ඉරි වෘත්ත දෙකක්; කාචය යනු අඳුරු කළ අතිච්ඡාදිත කොටස වන අතර එහි පෘෂ්ඨ A හා B ද, කේන්ද්‍ර දෙක හරහා යන ප්‍රධාන අක්ෂය ද දැක්වේ.

ප්‍රධාන අක්ෂය

කේන්ද්‍ර දෙක (C1 හා C2) යා කරන සරල රේඛාව. එය පෘෂ්ඨ දෙකට ම ලම්බක වන නිසා ප්‍රධාන අක්ෂය දිගේ කාචය වෙත එන ආලෝක කිරණ නොනැමී කාචය තුළින් කෙළින් ම ගමන් කරයි.

ප්‍රකාශ කේන්ද්‍රය (O)

කාචය තුළ පෘෂ්ඨ දෙක අතර මධ්‍ය ලක්ෂ්‍යය. ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් ගන්නා ඕනෑම ආලෝක කිරණයක් නොනැමී කෙළින් ම ගමන් කරයි.

උත්තල කාචයක ප්‍රකාශ කේන්ද්‍රය O හරහා යන කිරණ නොනැමී කෙළින් ම ගමන් කිරීම.