මල බැඳීමට වාතය අවශ්‍ය ද
පළමු ව, මල බැඳීමට වාතාශ්‍රය අවශ්‍ය දැයි සොයා බලමු.
ක්‍රියාකාරකම 12.3.1
අවශ්‍ය ද්‍රව්‍ය: කැකෑරුම් නළ දෙකක්, සාමාන්‍ය සිසිල් ජලය, පොල්තෙල්, යකඩ ඇණ දෙකක්, දාහකය, තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණය
- වෙළඳපොළෙහි ඇති යකඩ ඇණ මත සින්ක් ආලේපයක් ඇති බැවින් එය ඉවත් කිරීමට ඇණ දෙක තනුක හයිඩ්‍රොක්ලෝරික් ද්‍රාවණයක මිනිත්තු 10ක් පමණ ගිල්වා තබා ජලයෙන් සෝදා ගන්න.
- කැකෑරුම් නළ දෙකට ඒවායේ උසින් අඩක් පමණ සිසිල් ජලය දමන්න.
- දැන් ඉහත කැකෑරුම් නළ දෙකෙන් එකක ඇති ජලය මිනිත්තු පහක් පමණ නටවා ගන්න. පිරිසිදු කළ යකඩ ඇණය බැගින් නළ තුළට දමන්න. උණු ජලය තුළට නැවත වායු ගෝලීය වාතය ඇතුළු වීම වැළැක්වීම සඳහා එම නළයට පොල්තෙල් ස්වල්පයක් ද දමන්න.
- නළ දෙක දිනක් පමණ තබා නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණ සටහන් කරන්න.
රූපයක් එක් කළ යුතුය
ඉහත නළ දෙක සැලකූ විට ඒවායේ ඇති ඇණ ජලය සමඟ ස්පර්ශ ව ඇත. එහෙත් B නළයේ ඇති ජලය රත් කර ඇති බැවින් නළය තුළ දිය වී තිබූ වාතය ඉවත් ව ඇත. එමෙන්ම B නළයේ ඇති පොල්තෙල් ස්තරය හේතුකොටගෙන එහි ඇති ජලය වාතය සමඟ නො ගැටේ. මේ නිසා B නළයේ ඇති යකඩ ඇණයට වාතය නො ලැබේ. A නළයේ ඇති යකඩ ඇණයට වාතය (ජලයේ දිය වූ) ලැබේ. අනෙකුත් සියලු සාධක නළ දෙකට ම පොදු ය.
නිරීක්ෂණය
A නළය තුළ ඇති යකඩ ඇණය මල බැඳී ඇති බවත්, B නළය තුළ ඇති යකඩ ඇණය මල බැඳී නොමැති බවත් නිරීක්ෂණය කළ හැකි ය. මල බැඳීම සඳහා වාතය අවශ්‍ය බව මෙයින් තහවුරු වේ.
එය සාධාරණ පරීක්ෂණයක් වන්නේ ඇයි
නළ දෙක වෙනස් වන්නේ එක් ආකාරයකින් පමණි: ඇණයට වාතය ලැබිය හැකි ද යන්න. එකම ආකාරයට පිරිසිදු කළ එකම වර්ගයේ ඇණ එකම කාලයක් එකම ජල ප්‍රමාණයක තබා ඇත. එබැවින් මල බැඳීමේ ඕනෑම වෙනසක් වාතය නිසා විය යුතු ය. පළමුව සින්ක් ඉවත් කිරීම ද වැදගත් ය: පරිච්ඡේදයේ අවසානයේ ඔබ දකින පරිදි සින්ක් යකඩ ආරක්ෂා කරන අතර සින්ක් ආලේපිත ඇණයක් නළ දෙකෙහි ම මල නොබැඳීමට ඉඩ ඇත.
මල බැඳීමට වාතය අවශ්‍ය ය
තෙල් යට නැටවූ ජලයේ ඇති ඇණයක් මල නොබැඳේ; සාමාන්‍ය ජලයේ ඇති ඇණයක් මල බැඳේ.