විශාල කරන හා කුඩා කරන දර්පණ
වක්‍ර දර්පණයකට වස්තු සැබෑ ප්‍රමාණයට වඩා විශාල ලෙස හෝ කුඩා ලෙස පෙන්විය හැකි ය — ඒ දෙක ම ප්‍රයෝජනවත් ය.
වාහනවල පැති දර්පණ
උත්තල දර්පණ පිටුපස මාර්ගය කුඩාවට පෙන්වන නිසා විශාල ප්‍රදේශයක් දර්පණය තුළ පෙනෙන අතර රියැදුරාට රථය දෙපැත්තේ පිටුපස මාර්ගය පැහැදිලිව පෙනේ.
වෙළෙඳසැල්වල ආරක්ෂාව
වෙළෙඳසැල්වල ආරක්ෂාව සඳහා විශාල ප්‍රදේශයක් බැලීමට ද උත්තල දර්පණ භාවිත කරනු ලැබේ.
දන්ත වෛද්‍යවරයාගේ දර්පණය
රෝගීන්ගේ මුඛය පරීක්ෂා කිරීමේ දී දත් විශාල කර බලා ගැනීමට අවතල දර්පණයක් භාවිත කරයි.
රැවුල කපන දර්පණය
රැවුල කැපීමේ දී මුහුණ විශාල කර බැලීමට අවතල දර්පණ භාවිත වේ.
රූපයක් එක් කළ යුතුය