ආහාර ජීරණය යනු කුමක් ද
ශරීරය තුළ සිදු වන විවිධ ජීව ක්‍රියා සඳහා ශක්තිය අවශ්‍ය වේ. එම ශක්තිය ලැබෙනුයේ අප ගන්නා ආහාරවලිනි. ආහාරවල අඩංගු ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් හා ලිපිඩ සංකීර්ණ කාබනික සංයෝග වන අතර ඒවා ජලයේ අද්‍රාව්‍ය වේ.
ආහාර ජීරණය
ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග, අවශෝෂණය කළ හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත් වීමේ ක්‍රියාවලිය ආහාර ජීරණය ලෙස හැඳින්වේ.
යාන්ත්‍රික ජීරණය
ආහාරයේ භෞතික ස්වභාවය වෙනස් වේ.
නිදසුන: මුඛය තුළ දී දත්වලින් ආහාරය කුඩා කැබලිවලට කැඩීම.
රසායනික ජීරණය
එන්සයිම ක්‍රියාත්මක වීමෙන් සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට පත් වේ.
නිදසුන: මුඛ කුහරයේ දී ටයලින් (බේට ඇමයිලේස්) මගින් පිෂ්ටය මෝල්ටෝස් බවට පත්වීම.
සමහර දේ ජීරණය කළ යුතු නැත
ඛනිජ ලවණ, සමහර විටමින් වර්ග, ග්ලූකෝස්, ෆෘක්ටෝස් හා ගැලැක්ටෝස් වැනි පෝෂක ජීරණයකින් තොරව සෘජුව අවශෝෂණය වේ.