ජීරණ පද්ධතියේ අවයව
මිනිසාගේ ආහාර ජීරණ පද්ධතිය මුඛ කුහරයේ සිට ගුද මාර්ගය දක්වා ඇති තනි නාලයකි. අවශ්‍යතාව අනුව විවිධ තැන්වල දී එහි ව්‍යුහය වෙනස් වී ඇති අතර, ජීරණයට අවශ්‍ය එන්සයිම හා අනෙකුත් ද්‍රව්‍ය සපයන ග්‍රන්ථි විවිධ තැන්වල දී ඊට සම්බන්ධ වේ.
රූපයක් එක් කළ යුතුය
ජීරණයට අවශ්‍ය එන්සයිම හා අනෙකුත් ද්‍රව්‍ය සපයන ග්‍රන්ථි වන්නේ බේට ග්‍රන්ථි, අක්මාව හා අග්න්‍යාශය යි.
ආහාර ජීරණ පද්ධතිය තුළ සිදු කෙරෙන කාර්ය වනුයේ ආහාර ජීරණය, ජීරණ ඵල අවශෝෂණය හා ජීරණය නොවූ ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම යි.
පැවරුම 6.1
මිනිස් සිරුරේ ආකෘතියක් (Human torso) හෝ රූප සටහනක් ඇසුරින් ආහාර ජීරණ පද්ධතියේ අවයව හඳුනාගන්න. එහිදී එක් එක් අවයවවල පිහිටීම, සාපේක්ෂ ප්‍රමාණය හා හැඩය පිළිබඳ අවධානය යොමු කරන්න.