මුඛ කුහරය තුළ සිදුවන ජීරණය
මුඛ කුහරය සෑදී ඇත්තේ උඩු හා යටි හණුවලිනි. යටිහණුව පමණක් චලනය කළ හැකි ය. මුඛ කුහරයට බේට ග්‍රන්ථි යුගල තුනකින් බේටය ස්‍රාවය වෙයි. දිව ආහාරයේ රස හඳුනාගන්නා අතර, ආහාර බේටය සමඟ මිශ්‍ර කිරීමටත් ආහාර ගිලීමටත් උදව් වේ.
පාන් හෝ බත් ස්වල්පයක් ටික වේලාවක් මුඛය තුළ තබාගෙන සපමින් සිටින විට පැණි රසක් දැනේ. බේටයේ ඇති ටයලින් (බේට ඇමයිලේස්) නමැති එන්සයිමය ආහාරයේ ඇති පිෂ්ටය මත සුළු වශයෙන් ක්‍රියාත්මක වී මෝල්ටෝස් බවට හරවා ජීරණ ක්‍රියාව ආරම්භ කරයි.
පිෂ්ටය
→
මෝල්ටෝස්
ටයලින් (බේට ඇමයිලේස්) මගින් පිෂ්ටය මෝල්ටෝස් බවට පත් වේ.
මුඛ කුහරය තුළ දී ජීරණ ක්‍රියාවලිය ආරම්භ වූ ආහාර, ගුළියක් ලෙස සකස් වී එහි අපර කොටසට තල්ලු වෙයි. ඉන්පසු ග්‍රසනිකාවට තල්ලු වෙයි.