Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග 1 වන පිටුව (3)

ගැස්ට්‍රයිටිස්

ආමාශයේ අභ්‍යන්තර ශ්ලේෂ්මල ආස්තරය ප්‍රදහයට පත් වීම ගැස්ට්‍රයිටිස් ලෙස හැඳින්වේ. ජනතාව අතර බහුල රෝගී තත්ත්වයකි. සාමාන්‍යයෙන් අම්ලගතිය ලෙස හැඳින්වේ.

රෝගයේ ලක්ෂණ වනුයේ ඇඹුල් රස උගුරට ඒම, ආමාශයේ දැවිල්ල හා වේදනාව යි. රෝගී තත්ත්වය උත්සන්න වූ විට ආමාශ බිත්තියේ හා ග්‍රහණියේ තුවාල ඇතිවේ.

නියමිත වේලාවට ආහාර නොගැනීම

නියමිත වේලාවට ආහාර නොගැනීම.

ඇඹුල්, මිරිස් හා තෙල් ආහාර

අම්ල, මිරිස් හා තෙල් අධික ආහාර ගැනීම.

මද්‍යසාර හා දුම්වැටි

අධික ලෙස මද්‍යසාර සහ දුම්වැටි භාවිතය.

මානසික ආතතිය

මානසික ආතතිය.

නිවැරදි ආහාර පුරුදු මෙන් ම යහපත් ජීවන රටාව මගින් ගැස්ට්‍රයිටිස් වළක්වා ගත හැකි ය.