Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග 2 වන පිටුව (3)

මල බද්ධය

මල ද්‍රව්‍ය ඝන තත්ත්වයට පත් වීම නිසා බැහැර කිරීමට අපහසු වීම මල බද්ධයයි. මහාන්ත්‍රය තුළ වැඩි කාලයක් මල ද්‍රව්‍ය රැඳී තිබීම නිසා මහාන්ත්‍රයට අධික ලෙස ජලය අවශෝෂණය වීමෙන් මෙම තත්ත්වය ඇති වේ.

  • පරිභෝජනය කරන ආහාරයේ තන්තු ප්‍රමාණය අඩු වීම
  • අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම
  • මල පහ කිරීමේ අවශ්‍යතාව කල් දැමීම
  • සමහර රෝග සඳහා ගන්නා ඖෂධ වර්ග

දිගටම පැවතුණොත්

මල බද්ධය පවතින අවස්ථාවේ දී මලපහ කිරීමට වැර යෙදීමෙන් ගුද මාර්ගයේ පටක තුවාල වී රුධිර වහනය සිදුවීමට ද ඉඩ ඇත. නිරන්තර මල බද්ධය අර්ශස් රෝගයට තුඩු දිය හැකි ය.