Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

10.3. කාර්යක්ෂමතාව හා බලශක්ති සංරක්ෂණය 1 වන පිටුව (3)

පහනක් තෝරා ගැනීම

බොහෝ අවස්ථාවල එකම කාර්යයක් ඉටු කර ගැනීම සඳහා විවිධ උපකරණ භාවිත කළ හැකි වේ. මෙහි දී වඩා කාර්යක්ෂම ලෙස ආලෝකය ලබාගත හැකි උපකරණය තෝරා ගැනීම, බලශක්තිය ඉතිරි කර ගැනීමට උදව් වේ. ආසන්නව සමාන ආලෝක ප්‍රමාණ ලබා දෙන බල්බ වර්ග කිහිපයක ක්ෂමතා සහ ආයු කාලය 10.1 වගුවේ දැක්වේ.

ආලෝක ප්‍රභවය ක්ෂමතාව ආයු කාලය
සූත්‍රිකා බල්බය 60 W 1200 h
ප්‍රතිදීපන බට 22 W 3000 h
CFL 11 ~ 13 W 8000 h
LED 6 ~ 8 W 50 000 h

10.1 වගුව අනුව ආලෝකය ලබා ගැනීමට LED බල්බ භාවිතය ඉතාම වාසිදායක බව පෙනේ. බල්බ මිල දී ගැනීමට කළ යුතු මූලික වියදම වැඩි නිසා ලංකාවේ LED බල්බ භාවිතය සීමා වී ඇත.