උදුන්, තාපක හා වෙනත් උපකරණ
විදුලිය භාවිත කර ආහාර පිසීම සඳහා භාවිත කරන උදුන්වල තාපය අපතේ යාම නිසා කාර්යක්ෂමතාව අඩු වේ.
තාපන දඟර සහිත පැරණි උදුන්
කාර්යක්ෂමතාවෙන් අඩුම වේ.
ගිල්ලුම් තාපකය
ජලය රත් කිරීම වැනි කටයුත්තක් සඳහා ඉතාම කාර්යක්ෂම වනුයේ ගිල්ලුම් තාපකයයි. එහි තාපන දඟරයේ උපදින මුළු තාපයම ජලයට ලැබීම මෙයට හේතු වේ.
තාපන ඵලක සහිත උදුන්
තාප හානි වීම අඩු නිසා වඩා කාර්යක්ෂම වේ (උදාහරණ: බත් පිසින).
ක්ෂුද්‍ර තරංග උදුන්
සෑම ආහාර පිසීමක් සඳහා ම භාවිතය අසීරු වුව ද තාපය නිපදවන්නේ ආහාරය තුළ දී හෙයින් ඉතාම කාර්යක්ෂම වේ.
ප්‍රේරක උදුන්
වැඩි කාර්යක්ෂමතාවක් ඇති ප්‍රේරක උදුන් දැනට වෙළෙඳපොළට පැමිණ ඇත. මෙහි දී උදුනෙන් නික්මෙන විචල්‍ය චුම්බක ක්ෂේත්‍රය මගින් බඳුනේ පතුළ මත පමණක් තාපය ජනිත කරනු ලැබේ.
විදුලි පංකා
නිවසට සිසිලස ලබා ගැනීම සඳහා සීලිං විදුලි පංකාවලට වඩා මේස විදුලි පංකා භාවිතය වඩා කාර්යක්ෂම වේ.
රූපවාහිනී
කැතෝඩ කිරණ නළ (CRT) භාවිත වන පැරණි රූපවාහිනීවලට වඩා LCD තිරය සහිත රූපවාහිනීවල ශක්ති පරිභෝජනය අඩු ය. LCD තිරය, LED වලින් ආලෝකවත් කරන ඉතා අඩු ක්ෂමතාවක් ඇති රූපවාහිනී යන්ත්‍ර, LED රූපවාහිනී ලෙස වෙළෙඳපොළේ හඳුන්වනු ලැබේ.