බලශක්තිය ඉතිරි කිරීම
කාර්යක්ෂමතාව
යම් විදුලි උපකරණයකට සැපයෙන විද්‍යුත් ශක්තියෙන් 40%ක් තාපය ලෙස අපතේ යන්නේ යැයි සිතන්න. එවිට අදාළ කාර්යය සඳහා වැයවන්නේ 60%කි. එනම් එම විදුලි උපකරණයේ කාර්යක්ෂමතාව 60%කි.
අප උත්සුක විය යුත්තේ තාපය ලබා ගන්නා අවස්ථාවක දී හැර විදුලිය, තාපය ලෙස අපතේ යාම හැකි තාක් අඩු කර ගනිමින්, උපරිම ලෙස සැපයෙන විද්‍යුත් ශක්තියෙන් කාර්ය කර ගැනීමට ය.
එදිනෙදා ඉතිරි කිරීමේ ක්‍රම
- සතියකට අවශ්‍ය රෙදි එකවර මැද ගැනීමෙන් ඉස්තිරික්කයේ මූලික රත්කිරීමට යන විදුලිය ඉතිරි වේ.
- නිවසේ ඇති විදුලි පහන් අනවශ්‍ය විට නිවා දැමිය යුතු ය.
- ආලෝකය අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලබා දෙන වැඩි කාර්යක්ෂමතා ඇති (LED, CFL) විදුලි බුබුළු භාවිත කළ යුතු ය.
- හැකි සෑමවිට ම අඩු බලශක්තියක් පරිභෝජනය කරමින් වඩා කාර්යක්ෂම ව අවශ්‍ය කාර්යය ඉටුකර ගැනීමට සුදුසු උපකරණයක් භාවිත කිරීම අනාගත බලශක්ති අර්බුදය අඩුකර ගැනීම සඳහා උදව් වේ.
පැවරුම 10.1
නිවෙස්වල භාවිත වන විද්‍යුත් උපකරණ ලේඛනයක් සකසා ඒවායේ විද්‍යුත් ක්ෂමතාව ඒවා ඉදිරියෙන් දක්වන්න (මේ සඳහා උපකරණයේ අලවා ඇති පිරිවිතර සඳහන් ලේබලය හෝ උපකරණය සමඟ ලැබෙන උපදෙස් පත්‍රිකාව උපකාර කරගත හැකි ය. එසේ නොහැකි අවස්ථාවක වැඩිහිටියකුගේ සහාය ලබා ගන්න).