බලාගාරයේ සිට නිවස දක්වා
නිවසේ ඇති විදුලි උපකරණ ක්‍රියා කිරීමට අවශ්‍ය විදුලිය ලබා ගන්නේ ජාතික විදුලි බල ජාලයෙනි.
විදුලි බලාගාරය
→
අධිකර පරිණාමකය: 132 kV හෝ 220 kV
→
ජාතික විදුලි බල ජාලය
→
ජාල උපපොළ: 33 kV හෝ 11 kV
→
නිවස: 230 V
නිවසට 230 V විභවයෙන් සපයනු ලැබේ. මෙය ප්‍රත්‍යාවර්ත විදුලියක් වන අතර එහි සංඛ්‍යාතය 50 Hz වේ.
රූපයක් එක් කළ යුතුය
| ලේබලය | කොටස |
|---|---|
| A | බෙදාහැරීමේ රැහැන් |
| B | සේවා රැහැන් |
| C | අධිධාරා පරිපථ බිඳිනය (හෝ සේවා විලායකය) |
| D | විදුලි මීටරය |
| E | වෙන්කරණය (හෝ විලායකය සහිත ප්‍රධාන ස්විච්චය) |
| F | ශේෂ ධාරා පරිපථ බිඳිනය (RCCB) හෙවත් පැන්නුම් ස්විච්චය |
| G | සිඟිති පරිපථ බිඳිනය (MCB) හෝ විලායකය |
| H | ස්විච්චය |
| I | කෙවෙනි පිටුවාන |
| J | භූගත සන්නායකය |
| K | විදුලි පහන |