Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

10.4. ගෘහ විද්‍යුත් පරිපථ 2 වන පිටුව (2)

ගෘහ විද්‍යුත් පරිපථය

නිවසට මෙම විදුලිය සපයනු ලබන්නේ සජීවී (live) සහ උදාසීන (neutral) රැහැන් ලෙසින් හැඳින්වෙන රැහැන් දෙකක් සහිත සේවා රැහැනක් මගිනි. මෙම රැහැන් දෙක හරහා ලැබෙන විද්‍යුත් ධාරාව නිවෙස තුළ ඇති පරිපථයක් හරහා අවශ්‍ය උපකරණවලට සැපයේ.

සේවා රැහැන් → අධිධාරා පරිපථ බිඳිනය → විදුලි මීටරය → වෙන්කරණය → ශේෂ ධාරා පරිපථ බිඳිනය → සිඟිති පරිපථ බිඳින → විදුලි පරිපථ

රූපයක් එක් කළ යුතුය

10.4 රූපය — ගෘහ විදුලි පරිපථයක සැකසුම.

සජීවී

භූගත නොකළ රැහැන. එය හා පොළොව අතර 230 V විභව අන්තරයක් ඇති බැවින් පොළොව මත සිට එය ස්පර්ශ කිරීම විදුලි සැර වැදීමට හේතු වේ.

උදාසීන

අවකර පරිණාමකය අසළ දී හොඳින් භූගත කරන ලද රැහැන; එය ශූන්‍ය විභවයේ පවතින බැවින් බිම සිට ස්පර්ශ කිරීමෙන් ශරීරය හරහා විභව අන්තරයක් ඇති නොවේ.