දිය වීම හා උෂ්ණත්වය
ප්‍රතික්‍රියාවක් සිදු වූ බව තහවුරු කර ගැනීමට අදාළ සාක්ෂ්‍ය පිළිබඳ ව ඔබ 10 ශ්‍රේණියේ දී උගත් කරුණු නැවත සිහිපත් කරන්න. ඒ පිළිබඳ ව වැඩිදුරටත් අධ්‍යයනය සඳහා පහත ක්‍රියාකාරකමෙහි නිරත වන්න.
ක්‍රියාකාරකම 8.1
අවශ්‍ය ද්‍රව්‍ය: 100 cm3 පමණ වන කුඩා බීකර දෙකක්, උෂ්ණත්වමානයක් සහ වීදුරු කූරක්, ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් (NaOH), ඝන ඇමෝනියම් ක්ලෝරයිඩ් (NH4Cl)
- බීකරයට අඩක් පමණ ජලය එකතු කර එහි උෂ්ණත්වය මැන සටහන් කර ගන්න. එම බීකරයට ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්වල්පයක් එකතු කර වීදුරු කූරෙන් කලතා නැවත උෂ්ණත්වය මැන සටහන් කරගන්න.
- අනෙක් බීකරයට ද අඩක් පමණ ජලය දමා එහි උෂ්ණත්වය සටහන් කරගන්න. එම බීකරයට ඝන ඇමෝනියම් ක්ලෝරයිඩ් ස්වල්පයක් එක් කර කලතා නැවත උෂ්ණත්වය සටහන් කරගන්න.
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්
උෂ්ණත්වය ඉහළ යයි.
දිය වීමේ දී තාපය පිට වී ඇති බැවින් උෂ්ණත්වය ඉහළ යයි.
ඇමෝනියම් ක්ලෝරයිඩ්
උෂ්ණත්වය පහළ යයි.
දිය වීමේ දී තාපය අවශෝෂණය කළ බැවින් උෂ්ණත්වය පහළ යයි.
ඉහත අවස්ථා දෙකෙහි දී සිදු වන උෂ්ණත්ව වෙනස්වීම්වලට හේතුව ඒ ආශ්‍රිත ව සිදුවන තාප විපර්යාසය යි. උෂ්ණත්ව වෙනස යනු මුක්ත වූ හෝ අවශෝෂණය වූ හෝ තාප ප්‍රමාණයේ මිම්මක් ලෙස සැලකිය හැකි ය.