තාපදායක ප්‍රතික්‍රියා
8.2 ක්‍රියාකාරකමෙන් ලෝහයක් හා අම්ලයක් අතර ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය නිරීක්ෂණය කෙරේ.
ක්‍රියාකාරකම 8.2 — මැග්නීසියම් හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය
අවශ්‍ය ද්‍රව්‍ය: කුඩා බීකරයක්, මැග්නීසියම් පටි කැබැල්ලක්, තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, උෂ්ණත්වමානයක්
කුඩා බීකරයට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයෙන් 10 cm3ක් පමණ එක් කර එහි උෂ්ණත්වය මැන ගන්න. ඊට 2 cmක් පමණ දිග මැග්නීසියම් පටි කැබැල්ලක් දමන්න. ප්‍රතික්‍රියාව අවසානයේ යළිත් උෂ්ණත්වය මැනගන්න.
නිරීක්ෂණය
මැග්නීසියම් ලෝහය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරන විට උෂ්ණත්වය ඉහළ ගොස් ඇත. එනම්, මෙම ප්‍රතික්‍රියාව සිදු වීමේ දී තාපය පිට වේ.
තාපදායක ප්‍රතික්‍රියාව
තාපය පිටකරමින් සිදු වන රසායනික ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා ලෙස හැඳින්වේ.
ප්‍රතික්‍රියක → ඵල + තාපය
තාපදායක ප්‍රතික්‍රියාවක දී මෙලෙස තාපය පිටවීමට හේතුව ඵල සතු ශක්තිය ප්‍රතික්‍රියක සතු ශක්තියට වඩා අඩුවීම යි. එය ශක්ති මට්ටම් සටහනක් මගින් නිරූපණය කළ හැකි ය.
Mg (s) + 2HCl (aq) → MgCl2 (aq) + H2 (g)
තාපය පිට වේ