Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස

තාපදායක හා තාපාවශෝෂක ප්‍රතික්‍රියා 3 වන පිටුව (3)

තාපාවශෝෂක ප්‍රතික්‍රියා

ක්‍රියාකාරකම 8.2 — සිට්‍රික් අම්ලය හා සෝඩියම් බයිකාබනේට්

අවශ්‍ය ද්‍රව්‍ය: කුඩා බීකරයක්, සිට්‍රික් අම්ල ද්‍රාවණයක්, සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණය, උෂ්ණත්වමානයක්

කුඩා බීකරයට සිට්‍රික් අම්ල ද්‍රාවණයෙන් 10 cm3ක් පමණ දමා එහි උෂ්ණත්වය සටහන් කර ගන්න. සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණයේ ද උෂ්ණත්වය සටහන් කරගන්න. සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණයෙන් 10 cm3ක් පමණ සිට්‍රික් අම්ලය සහිත බීකරයට දමා කලතා උෂ්ණත්වය සටහන් කරගන්න.

පෙළපොතේ මෙම ක්‍රියාකාරකම ද 8.2 ලෙස අංක කර ඇත.

නිරීක්ෂණය

සිට්‍රික් අම්ලය සහ සෝඩියම් බයිකාබනේට් අතර ප්‍රතික්‍රියාව සිදු වන විට උෂ්ණත්වය පහළ යයි. ඊට හේතුව තාපය අවශෝෂණය වීම යි.

තාපාවශෝෂක ප්‍රතික්‍රියාව

තාපය අවශෝෂණය කරමින් සිදු වන ප්‍රතික්‍රියා තාපාවශෝෂක ප්‍රතික්‍රියා ලෙස හැඳින්වේ.

තාපය + ප්‍රතික්‍රියක → ඵල

තාපාවශෝෂක ප්‍රතික්‍රියාවක දී මෙලෙස තාපය අවශෝෂණය වීමට හේතුව ප්‍රතික්‍රියක සතු ශක්තියට වඩා ඵල සතු ශක්තිය වැඩි වීමයි.

8.3 රූපය — තාපාවශෝෂක ප්‍රතික්‍රියාවක්: ඵලවල මට්ටම ප්‍රතික්‍රියකවලට වඩා ඉහළින් ඇති අතර වෙනස අවශෝෂණය වේ.

තාපදායක

තාපය පිට කරයි; උෂ්ණත්වය ඉහළ යයි.

ඵල සතු ශක්තිය ප්‍රතික්‍රියකවලට වඩා අඩු ය.

තාපාවශෝෂක

තාපය අවශෝෂණය කරයි; උෂ්ණත්වය පහළ යයි.

ඵල සතු ශක්තිය ප්‍රතික්‍රියකවලට වඩා වැඩි ය.