Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

හෝර්මෝන හා සමස්ථිතිය 1 වන පිටුව (5)

හෝර්මෝන

හෝර්මෝන යනු අන්තරාසර්ග ග්‍රන්ථි මගින් නිපදවන රසායනික පණිවුඩකරුවන් ය. එම ග්‍රන්ථිවලට නාල නොමැත: ඒවා හෝර්මෝන සෘජුව ම රුධිරයට මුදා හරියි.

හෝර්මෝනවල පොදු ලක්ෂණ

  • සුළු ප්‍රමාණවලින් නිපදවේ.
  • රුධිරය මගින් ගෙන යයි.
  • බොහෝ විට ග්‍රන්ථියෙන් දුරින් පිහිටි නිශ්චිත ඉලක්ක අවයව මත ක්‍රියා කරයි.
  • සෙමින් ක්‍රියා කළත් ඒවායේ බලපෑම දිගු කාලීන ය.
  • අධික වීම හෝ ඌන වීම ආබාධවලට හේතු වේ.

අන්තරාසර්ග ග්‍රන්ථි

නාල නැත; රුධිරයට ස්‍රාවය කරයි.

තයිරොයිඩ්, පිටියුටරි, අධිවෘක්ක ග්‍රන්ථි.

බහිරාසර්ග ග්‍රන්ථි

නාල හරහා ස්‍රාවය කරයි.

කෙළ ග්‍රන්ථි, දහඩිය ග්‍රන්ථි.